ආයුබෝවන්!

ceylon-indigenous-medical-treatments.blogspot.com වෙත පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

Let us learn about the hidden medical treatments in nature.....

සොබාදහමේ සැඟවුණු වෙදකම් දැන ගන්න.....

Let us learn about the medicinal value of Sri Lanakan trees.....

ශ්‍රී ලංකාවේ ශාක වල ඹෟෂධීය වටිනාකම දැන ගන්න.....

Let us learn about how to make your beauty without chemicals.....

රසායනික ද්‍රව්‍ය භාවිතා නොකර ඔබේ රුව ලස්සන කළ හැකි ආකාරය දැන ගන්න.....

Let us learn about the medicinal value of vegetables like Thibbatu.....

තිබ්බටු වැනි ආහාර වල ඹෟෂධීය වටිනකම දැන ගන්න.....

Sunday, July 17, 2016

හරිත තේ වල වැදගත්කම

 

හරිත තේ අපේ ආහාර ජීරණ පද්ධතියෙන් සහ රුධිරයෙන් විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවෙන් අනූන පානයක් වෙයි. මෙහි තිබෙන සුවිශේෂී ශාක රසායනිකයක් වන කැටචීන් වලට අක්මාවේ විෂ හරණ එන්සයිම වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට හැකි බව සොයා ගෙන තිබේ.

Saturday, July 16, 2016

කඩල ආලේපය

 

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • කඩල ස්වල්පයක්,

  • මී පැණි ස්වල්පයක්,

  • ලෙමන් බිංදු ස්වල්පයක්,

 කඩල මුලින් හොඳින් පෙඟෙන්නට හැර පිටි වනතුරු හෝ කැබලි සිටින ආකාරයට අඹරා එයට අනිත් ද්‍රව්‍ය මිශ්‍ර කර තලපයක් සේ සාදා බෙල්ලේ හා මුහුණේ උඩ අතට හොඳින් ගා විනාඩික් පමණ තබා අයිස් වතුරෙන් සෝදා හරින්න.

මාලු කටු හිර වූ විට

කෙසෙල් බඩ මාලුව අනුභවයෙන් උගුරේ ගලනාල මාර්ගයේ තිබෙන කුඩා මාලු කටු බැහැර වේ.

 

සම සිනිඳු වීමට

 

දිය නුමුසුව පොල් කිරි මිරිකා ඇගෙහි ගල්වා විනාඩිකින් පසුව දිය නාන්න. සබන් නොගා සෝදා හරින්න.

අකලට හිසකෙස් සුදු වීමට

ඉදුණු අලු කෙසෙල් හෝ සුවදැල් සීනි මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් අකාලයේ හිසකෙස් පැසීම වලක්වා ගතහැක.