සමේ රෝග සඳහා:-

සමේ බිබිලි මතු වූ විට

කහ කුඩු තල තෙල් සමඟ හොඳින් මිශ්‍ර කර එම ස්ථාන වල ආලේප කරන්න.

දද වලට

තෝර,වෙළඟ සහල්,අරලු සහ සහිඳ ලුණු යන දෑ සමාන ප්‍රමාණයන් ගෙන් ගෙන හාල් පානු වතුරෙන් මිශ්‍ර කර දද ඇති ස්ථාන වල ආලේප කරන්න.

අලුහම් සඳහා

පෙති තෝර කොළ ජලයෙන් අඹරා අදාළ ස්ථානවල ආලේප කර පැයකට පමණ පසු වතුරෙන් සෝදා ඉවත් කරන්න.

කුෂ්ඨ නැසීම සඳහා

බෝධි ඇට චූර්ණය ඉදුණු කෙසෙල් ගෙඩි සමඟ කෑමට ගන්න.

ගල් තැලුමට

රත් සඳුන් සහ කොත්තමල්ලි කුඩු මී පැණි සමඟ හොඳින් මිශ්‍ර කර එම ස්ථානයේ ගල්වන්න.

මුහුණේ ඇතිවන කුරුලෑ සඳහා

කලාඳුරු අල දෙහි යුෂ සමඟ හොඳින් මිශ්‍ර කර ආලේප කරන්න.

උලුක්වීමකදී

එම ස්ථානය සිසිල් ජලයෙන් පැය භාගයක පමණ කාලයක් තෙත් කරන්න.

රක්තවාතයේදී

අමු කහ සහ කොහොඹ කොළ එකට තම්බා එම වතුරෙන් සේදිය යුතුය.

අධිකව දහඩිය දැමීමට

යාන්තමට බඳින ලද කොත්තමල්ලි ටිකක් තම්බාගෙන උදෑසන පානය කරන්න.

ගෙඩි මෝදු වීමට

කුප්පමේනියා කොළ කොටා ඒවා ලුණු වතුර සමඟ ගෙඩි ඇති ස්ථාන වල ගල්වන්න.

විසප්පු ගෙඩි සඳහා

පෙනෙල කොළ, සියඹලා දලු, දෙහි ගැට, අරලු, හාල් පානු වතුරෙන් තම්බා අඹරා එම ස්ථාන වල ආලේප කරන්න.

ඉන්නන් ඉවත් කරගැනීමට

පාස්ලි කොළ ඇල් වතුරෙන් සිනිඳුවට අඹරා එම ස්ථාන වල ආලේප කරන්න.

පැපොල් කැළලි ඉවත් කරගැනීම සඳහා

කොහොඹ කොළ සහ අමු කහ එකට ඇඹුලෙන් අඹරා මුහුණේ සහ ශරීරයේ ගල්වා විනාඩි 30 කට පමණ පසු ස්නානය කළ යුතුය.

කකුල් වල කොරල සඳහා

එම ස්ථාන වල ඔලිව් තෙල් ආලේප කරන්න.



මුඛ රෝග සඳහා:-


විදුරු මස් දියවීමට

අබ හා නික කොළ තම්බා එයට සින්නක්කාරං ස්වල්පයක් මිශ්‍ර කර පෙරා කට සෝදා හරින්න.

අකලට දත් වැටීමට

අරලු, පුවක් මුල්, පොල් මුල් එක සමන ප්‍රමාණයෙන් ගෙන ඒවා එකට කොටා පසුව තම්බා එයට කපුුරු  එක් කර කට සෝදා හරින්න.

විදුරු මස් වලින් ලේ ගැලීමට

සහිඳ ලුණු සමඟ අබතෙල් මිශ්‍ර කර එම ස්ථාන වල ගල්වන්න.

කටෙන් දුගඳ හැමීමට

සාදික්කා, තල සහ පුවක් සම සමව ගෙන උදේ හිස් බඩ අනුභව කර ඇල් වතුර පානය කරන්න.



අක්ෂි රෝග:-

අැස් වලට රොඩු වැටුනු විට

බේසමකට වතුර දමා ඇස ඒ මේ අත යවන්න.

ඇස් වලින් කබ, කඳුලු ගලන විට

පිච්ච මල් සහ කපුරු සම සමව ගෙන පිනි දියෙන් අඹරා පෙරා පැය දෙකකට වරක් ඇසට යොදන්න.

ඇස් පිරිසිදු කර ගැනීමට

ස්නානයට ප්‍රථම දෙහි යුෂ බිංදු 2ක් පමණ ඇස් වලට යොදන්න.

ඇස් අමාරුවට

කොහොඹ දලු හා බොඹ දලු සම සමව රැගෙන ඒවා තම්බා එම ජලයෙන් ඇස් සෝදන්න.

ඇසේ තැලීම් වලට

කොහොඹ දලු, කහ ගොබ සමඟ අඹරා එම යුෂ ඇස් වලට යොදන්න.



වෙනත් ශරීර රෝග සඳහා:-

බඩේ කැක්කුමට

නිශ්ශබ්දව සසඳ මුලක් ගලවා එය දෙහි ඇඹුල සමඟින් අඹරා එම ඉස්ම දියකර බොන්න.

බඩේ දැවිල්ලට

බෙලි කොළ තම්බා එම වතුර පානය කරන්න.

වමනයට

බෙලි මල් තම්බා පානය කිරීම.

උණ ගතිය සඳහා

සුදු හඳුන්, රත් හඳුන්, වද කහ, කොල්ලු, වැල්මී සහ සහිඳ ලුණු යන දෑ සමාන ප්‍රමාණයෙන් ගෙන ඇඹුල් දොඩම් ඉස්ම වලින් අඹරා සාදා ගන්නා ලද දෙසඳුන් කල්කය කොත්තමල්ලි තැම්බූ වතුරෙන් බීමට සලස්වන්න.

අතීසාරයට

උණු කර නිවාගත් වතුර බෝතල් 1/2 කට ලොකු දෙහි ගෙඩියක ඉස්ම මිශ්‍ර කර එයට ලුණු සහ සීනි යොදා පැයෙන් පැයට කෝප්ප 1/2 බැඟින් පානය කරන්න.

දරුවන්ගේ කිරි පණු ගායට

එරබදු දලු මැල්ලුම් සහ දලු කැඳ හොඳ ඖෂධයකි.

රත්පිත් රෝගය

කෙසෙල් ගෙඩි යුෂ විලඳ සහ මී පැණි සමඟ පානය කරන්න.

හිස රුජාව සඳහා

සහිඳ ලුණු දමන ලද තල කිරිබත් වලින් නළල නැවීම කළ යුතුය.

ඇදුම සඳහා

ඇඹුල් දොඩම් යුෂ තේ හැඳි 2ක් පමණ හා අමු ඉඟුරු ඉස්ම තේ හැඳි 1ක් පමණ මී පැණි ස්වල්පයක් සමඟ මිශ්‍ර කර පානය කරන්න.

   කක්කල් කැස්ස සඳහා

හීනටි සහල් මිශ්‍ර වූ එළබටු කැඳ දීම යහපත් ය. 

ඉස්මුරුත්තාවට

අමු ඉඟුරු මේස හැන්දක් පමණ මී පැණි සමඟ පානය කරන්න.

ඉක්කාව සඳහා

පොරි කුඩු සහ සහිඳ ලුණු  ජමනාරං ඇඹුලෙන් මිශ්‍ර කොට දෙන්න.

වස විෂ කැවුනු විට

වමනය සඳහා අබ කුඩු කළඳක් සහ සහිඳ ලුණු මිශ්‍රකර උණු ජලයෙහි දියකර බීමට දෙන්න.

කටු ඇනුන විට

පොල් සීනි සමඟ තම්බා එම ස්ථානයේ බැඳිය යුතුය.

සුලු පිළිස්සීම් වලදී

කෝමාරිකා මදය තැවරීම හෝ බිත්තර සුදු මදය එම ස්ථානයට දැමීම.

සෙම් ගෙඩි සෑදෙන විට

පාන්දරම අවදිවූ විගස ලුණු වතුරෙන් කට සෝදාහරින්න.

  කකුලක යටි පතුලේ විෂකටු ඇණුන විට

දෙහි බෑයක් කොහොඹ තෙලින් රත් කර තවන්න.