ආයුබෝවන්!

ceylon-indigenous-medical-treatments.blogspot.com වෙත පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

Let us learn about the hidden medical treatments in nature.....

සොබාදහමේ සැඟවුණු වෙදකම් දැන ගන්න.....

Let us learn about the medicinal value of Sri Lanakan trees.....

ශ්‍රී ලංකාවේ ශාක වල ඹෟෂධීය වටිනාකම දැන ගන්න.....

Let us learn about how to make your beauty without chemicals.....

රසායනික ද්‍රව්‍ය භාවිතා නොකර ඔබේ රුව ලස්සන කළ හැකි ආකාරය දැන ගන්න.....

Let us learn about the medicinal value of vegetables like Thibbatu.....

තිබ්බටු වැනි ආහාර වල ඹෟෂධීය වටිනකම දැන ගන්න.....

Saturday, November 24, 2018

අතීසාරයට බෙහෙත්

තොටිල පොතු, අතිවිඩයන්, කලාදුරු අල, වියලි ඉගුරු, බෙලි ගැට මද, දෙළුම් ගෙඩියේ පොතු කසායකර මී පැණි සමග බොන්න. ඊටම කලාදුරු අල, මගුල් කරද මුලේ ‌පොතු, වියලි ඉගුරු කාල් 4 බැගින් ගෙන වතුර පත 8 - 1 ට සිද මී පැණි දමා දෙවේලටම බොන්න. ඊටම අතිවිඩයන්, කලාදුරු අල, ඉරිවේරිය, බෙලි ගැට මද කසාය කර කෙළිද සාල් කුඩු ප්‍රති චාප කර දෙන්න. ඊටම අළු කෙසෙල් මුව, පොල් මල්, කලාදුරු අල, අට්ටක්කා පිටි කසාය කර මී පැණි දමා දෙන්න .

Friday, August 19, 2016

ශුභ, අශුභ හා ක්ෂණික ආහාර

ශුභ ආහාර මොනවාද?

  • සැන්විච් (මස් හෝ බටර් නොමැති)

  • සුප් වර්ග 

  • හුමාලයෙන් තැම්බූ ඉඳි ආප්ප, බත්, නූඩ්ල්ස් වැනි ආහාර 

  • යෝගට් යෙදූ සැලඩ් වර්ග



අශුභ ආහාර මොනවාද? 

  •  ඝන සුප් වර්ග 

  • තෙම්පරාදු කළ තෙල් ආහාර (වැඩි තෙල්) 

  • රතු මස් වර්ග



ක්ෂණික ආහාර මොනවාද?  

  • පේස්ට්‍රි වර්ග හා අතුරුපස වර්ග 

  • අධික ලෙස සෝස් යෙදූ ආහාර 

     

Monday, August 1, 2016

හිස් හොරි ඉවත්කරගැනීමට

1) ක්‍රමය:- 

පොල් විනාකිරි කෝප්ප 1/2 ක් ගෙන ජලය කෝප්ප 1/2 ක් දමා කලවම් කොට එම මිශ්‍රණයෙන් හිස් කබල හොඳින් පොඟවා හොඳින් මසාජ් කරන්න. ඉන් විනාඩි 30කට පමණ පසු හිස සෝදන්න. මෙම ක්‍රමය මසකට දෙවරක් සිදු කිරීමෙන් හිස් හොරි මඟ හරවා ගත හැක.

2) ක්‍රමය:-

වෙරලු කොළ ටිකක් රැගෙන එය හොඳින් කොටා එම ඉස්ම හිසෙහි හොඳින් තවරා පසුව සෝදා හරින්න.

 

 

 



Sunday, July 17, 2016

හරිත තේ වල වැදගත්කම

 

හරිත තේ අපේ ආහාර ජීරණ පද්ධතියෙන් සහ රුධිරයෙන් විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවෙන් අනූන පානයක් වෙයි. මෙහි තිබෙන සුවිශේෂී ශාක රසායනිකයක් වන කැටචීන් වලට අක්මාවේ විෂ හරණ එන්සයිම වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට හැකි බව සොයා ගෙන තිබේ.

Saturday, July 16, 2016

කඩල ආලේපය

 

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • කඩල ස්වල්පයක්,

  • මී පැණි ස්වල්පයක්,

  • ලෙමන් බිංදු ස්වල්පයක්,

 කඩල මුලින් හොඳින් පෙඟෙන්නට හැර පිටි වනතුරු හෝ කැබලි සිටින ආකාරයට අඹරා එයට අනිත් ද්‍රව්‍ය මිශ්‍ර කර තලපයක් සේ සාදා බෙල්ලේ හා මුහුණේ උඩ අතට හොඳින් ගා විනාඩික් පමණ තබා අයිස් වතුරෙන් සෝදා හරින්න.

මාලු කටු හිර වූ විට

කෙසෙල් බඩ මාලුව අනුභවයෙන් උගුරේ ගලනාල මාර්ගයේ තිබෙන කුඩා මාලු කටු බැහැර වේ.

 

සම සිනිඳු වීමට

 

දිය නුමුසුව පොල් කිරි මිරිකා ඇගෙහි ගල්වා විනාඩිකින් පසුව දිය නාන්න. සබන් නොගා සෝදා හරින්න.