ආයුබෝවන්!

ceylon-indigenous-medical-treatments.blogspot.com වෙත පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

Let us learn about the hidden medical treatments in nature.....

සොබාදහමේ සැඟවුණු වෙදකම් දැන ගන්න.....

Let us learn about the medicinal value of Sri Lanakan trees.....

ශ්‍රී ලංකාවේ ශාක වල ඹෟෂධීය වටිනාකම දැන ගන්න.....

Let us learn about how to make your beauty without chemicals.....

රසායනික ද්‍රව්‍ය භාවිතා නොකර ඔබේ රුව ලස්සන කළ හැකි ආකාරය දැන ගන්න.....

Let us learn about the medicinal value of vegetables like Thibbatu.....

තිබ්බටු වැනි ආහාර වල ඹෟෂධීය වටිනකම දැන ගන්න.....

Friday, August 19, 2016

ශුභ, අශුභ හා ක්ෂණික ආහාර

ශුභ ආහාර මොනවාද?

  • සැන්විච් (මස් හෝ බටර් නොමැති)

  • සුප් වර්ග 

  • හුමාලයෙන් තැම්බූ ඉඳි ආප්ප, බත්, නූඩ්ල්ස් වැනි ආහාර 

  • යෝගට් යෙදූ සැලඩ් වර්ග



අශුභ ආහාර මොනවාද? 

  •  ඝන සුප් වර්ග 

  • තෙම්පරාදු කළ තෙල් ආහාර (වැඩි තෙල්) 

  • රතු මස් වර්ග



ක්ෂණික ආහාර මොනවාද?  

  • පේස්ට්‍රි වර්ග හා අතුරුපස වර්ග 

  • අධික ලෙස සෝස් යෙදූ ආහාර 

     

Monday, August 1, 2016

හිස් හොරි ඉවත්කරගැනීමට

1) ක්‍රමය:- 

පොල් විනාකිරි කෝප්ප 1/2 ක් ගෙන ජලය කෝප්ප 1/2 ක් දමා කලවම් කොට එම මිශ්‍රණයෙන් හිස් කබල හොඳින් පොඟවා හොඳින් මසාජ් කරන්න. ඉන් විනාඩි 30කට පමණ පසු හිස සෝදන්න. මෙම ක්‍රමය මසකට දෙවරක් සිදු කිරීමෙන් හිස් හොරි මඟ හරවා ගත හැක.

2) ක්‍රමය:-

වෙරලු කොළ ටිකක් රැගෙන එය හොඳින් කොටා එම ඉස්ම හිසෙහි හොඳින් තවරා පසුව සෝදා හරින්න.

 

 

 



Sunday, July 17, 2016

හරිත තේ වල වැදගත්කම

 

හරිත තේ අපේ ආහාර ජීරණ පද්ධතියෙන් සහ රුධිරයෙන් විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවෙන් අනූන පානයක් වෙයි. මෙහි තිබෙන සුවිශේෂී ශාක රසායනිකයක් වන කැටචීන් වලට අක්මාවේ විෂ හරණ එන්සයිම වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට හැකි බව සොයා ගෙන තිබේ.

Saturday, July 16, 2016

කඩල ආලේපය

 

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • කඩල ස්වල්පයක්,

  • මී පැණි ස්වල්පයක්,

  • ලෙමන් බිංදු ස්වල්පයක්,

 කඩල මුලින් හොඳින් පෙඟෙන්නට හැර පිටි වනතුරු හෝ කැබලි සිටින ආකාරයට අඹරා එයට අනිත් ද්‍රව්‍ය මිශ්‍ර කර තලපයක් සේ සාදා බෙල්ලේ හා මුහුණේ උඩ අතට හොඳින් ගා විනාඩික් පමණ තබා අයිස් වතුරෙන් සෝදා හරින්න.

මාලු කටු හිර වූ විට

කෙසෙල් බඩ මාලුව අනුභවයෙන් උගුරේ ගලනාල මාර්ගයේ තිබෙන කුඩා මාලු කටු බැහැර වේ.

 

සම සිනිඳු වීමට

 

දිය නුමුසුව පොල් කිරි මිරිකා ඇගෙහි ගල්වා විනාඩිකින් පසුව දිය නාන්න. සබන් නොගා සෝදා හරින්න.

අකලට හිසකෙස් සුදු වීමට

ඉදුණු අලු කෙසෙල් හෝ සුවදැල් සීනි මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් අකාලයේ හිසකෙස් පැසීම වලක්වා ගතහැක.

 

Saturday, June 25, 2016

Click Here !


Sunday, January 17, 2016

යෝගට් සත්කාරය

යෝගට් මේස හැඳි 2ක් පමණ, දෙහි යුෂ ස්වල්පයක්, මී පැණි ටිකක් ගෙන සියල්ල මිශ්‍ර කර බෙල්ලේ සහ මුහුණේ ආලේප කර මිනිත්තු  කිහිපයකින් පමණ පසු සෝදා ඉවත් කරන්න.

 

අලිගැට පේර සත්කාරය

අලි පේර ස්වල්පයක්, දෙහි යුෂ ස්වල්පයක්, මී පැණි ටිකක් ගෙන සියල්ල මිශ්‍ර කර බෙල්ලේ සහ මුහුණේ ආලේප කර මිනිත්තු 20 කින් පමණ පසු මද රස්න ජලයෙන් සෝදා ඉවත් කරන්න.

 

Friday, January 15, 2016

පිපිඤ්ඤා ආලේපයෙන් ලස්සන වෙමු.

පිපිඤ්ඤා ගෙඩියක් ගෙන එය කුඩා කොටස් වලට කපා ඉන්පසු අඹරා හොඳින් මිරිකූ විට ලැබෙන කොළ පැහැති ඉස්මවලට මී පැණි බිංදු කීපයක් එක් කර එය බෙල්ලේ සහ මුහුණේ උඩු අතට හොඳින් ආලේප කර පැය භාගයකට පමණ පසු සෝදා ඉවත් කරන්න.  

Wednesday, January 13, 2016

රූ රහස් දැන ගන්න.

Sunday, January 10, 2016

ලෙඩ රෝග සෑදීමට හේතූ..

වර්තමානය වනවිට විද්‍යාව හා තාක්ෂණය කෙතරම් දියුණු වෙමින් පැවතියද, පුද්ගලයින් රෝග වලට ගොදුරු වීමේ අවදානම දිනෙන් දින ඉහළ යමින් පවතී. විශේෂයෙන්ම හෘදයාබාධ, අධික රුධිර පීඩනය, පිළිකා වැනි රෝග වත්මන බහුලව දක්නට ලැබේ. මේවාට ප්‍රධානතම හේතු දෙක වන්නේ,


  • අගුණ ආහාර ගැනීම
  • ආහාර රටාවේ අඩුපාඩු 


                                   යන්නය. වත්මන බොහොමයක් ලෙඩ රෝග වලට හේතු සාධක වන්නේ අප ආහාරයට ගන්නා ක්ෂණික ආහාරයන්ය. අප ආහාර ගතයුතු නිශ්චිත ක්‍රමවේදයක් ඇත. එය ආහාර පිරමීඩයකින් පහසුවෙන් නිරූපණය කළ හැක.
             
මේ ආකාරයට දිනපතා ආහාර ගැනීමෙන් අපට සෞඛ්‍ය සම්පන්න හෙට දවසක් උදාකරගත හැක.